Newly Appointed Principal of Maliyadeva College

මලියදේව විද්‍යාලය
වයඹ පළාතේ මෙන්ම සමස්ථ දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ පාසලක් ලෙස වසර 130 ට වැඩි ඉතිහාසයකට උරුමකම් කියනු ලැබේ.
මලියදේව විද්‍යාලයයේ උන්නතිය උදෙසා
ආදි ශිෂ්‍ය සංගමය මගින් දක්වන දායකත්වය අතිමහත් බව ස්තුති පූර්වකව සිහිපත් කර සිටිමි.
මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන්ගේ සුභ සාධනය වෙනුවෙන්,
1991 වසරේ ආරම්භ කරන ලද
ආදී ශිෂ්‍ය සුභ සාධක සංගමයේ
30වන වර්ෂ පූර්ණය වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීමට ලැබීම වර්තමාන විදුහල්පති ලෙස මා ලැබූ ගෞරවයක් ලෙස සලකමි.

විද්‍යාලයයේ සිසුන්ගේ අධ්‍යාපනික ,ක්‍රීඩා,භෞතික සහ අනෙකුත් කාර්යයන් සඳහා පසුගිය වසර තිහ පුරා දක්වන ලද මූල්‍යමය සහ ශ්‍රම දායකත්වය අගය කර සිටිමි.

WhatsApp Image 2021 08 21 at 11.05.10 AM

විද්‍යාලයේ අභිමානවත් මෙන්ම පෞරාණික ගොඩනැගිල්ල වන “මඩවල වලව්ව ” විදුහල්පති ලෙස මාගේ ඉල්ලීම මත නිසි ක්‍රමවේදයකට යටතේ අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන්
ආදි ශිෂ්‍ය සුබ සාධක සංගමයට මාගේ ස්තුතිය පළ කර සිටිමි.

රංජිත් ජයසුන්දර
විදුහල්පති
මලියදේව විද්‍යාලය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *