මලියදේව විද්‍යාලයීය
ආදි ශිෂ්‍ය
සුභ සාධක සංගමය
Welcome to
Maliyadeva college
Old Boy's
Welfare Society
ආයුබෝවන්
මලියදේව විද්‍යාලයිය ආදී ශිෂ්‍ය
සුභසාධක සංගමය
ආදී සිසුන් ලෙස,ආදි ශිෂ්‍ය සංගමය හරහා,
විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට අවශ්‍ය අධ්‍යාපනික/විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමට මෙන්ම, විද්‍යාලය තුල පවතින භෞතික සම්පත් වල ගුණාත්මක භාවය ඉහළ නැංවීමට මහගු කාර්ය භාරයක් සිදු කරනු ලබයි.
එසේ තම ශ්‍රමය , ධනය වැය කරන ආදි සිසුන් ගේ හා ඔවුන්ගේ පවුල්වල සුභසාධනය පෙරදැරිකරගෙන,
1991 වර්ෂයේදී සුභ සාධක සංගමය පිහිටුවා ඇත.
ආදී ශිෂ්‍ය සංගමයට පසු වැඩිම සමාජිකයින් පිරිසක් සුභ සාධක සංගමය සමග එක්ව සිටි.
සුභ සාධක සංගමය ස්වාධීන ව්‍යවස්ථාවක් මත ආරම්භ කර ඇත.
- දුරකථන අංකය (ගරු ලේකම්)
විද්‍යා භූෂණං පුරුෂ භූෂණම්
විද්‍යාව මිනිසාගේ ආභරණය වේ
विद्या भूषणं पुरुष भूषणम्;
Science is the jewel of man
සුභ සාධක සංගමයේ අරමුණ
සාමාජිකයන් වෙනුවෙන්
සාමාජිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුභසාධනය
සම්ප්‍රදායන්
(ආදී ශිෂ්‍ය සංගමය වෙත)
ආදි සිසු සංගමය මගින් වර්ෂය පුරා විද්‍යාලය වෙත සිදුකරන ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වයන් හා මුල්‍යාධාර ලබා දීම.
විද්‍යාලය වෙනුවෙන්
වර්තමානයේ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ හා ගුරුවරුන්ගේ අධ්‍යාපන ,බාහිර හා භෞතික ක්‍රියාකාරකම් සඳහා මූල්‍යම හා ශ්‍රම දායකත්වය ලබාදීම
සමාජිය වගකීම්
දිවයිනේ කීර්තිමත් බෞද්ධ පාසලක ඉගෙනුම ලැබූ ආදි සිසුන් ලෙස , ලාංකීය ජන සමාජය වෙත සිදු කළ යුතු වගකීම් ඉටු කරලීමට, අවශ්‍ය සෑම විටම මූල්‍යමය හා ශ්‍රම දායකත්වය ලබාදීම.
සමාජිකයින් වෙනුවෙන් සංගමයේ පරමාර්ථ
පාරිතෝෂික ගෙවීම්
#) සාමාජිකයාගේ හෝ ඔහුගේගේ පවුලේ
අවමංගල අවස්ථාවකදී, පාරිතෝෂික
දීමනාවක් ලබාදීම
(ව්‍යවස්ථාවෙ පරිදි)
#) සාමාජිකයන්ගේ අසාධ්‍ය රෝග අවස්ථාවන්හිදී අවශ්‍ය ආධාර ලබාදීම
(ව්‍යවස්ථාවෙ පරිදි)
#) සංගමයේ උන්නතිය සඳහා ඔවුන්ගේ ශ්‍රමයෙන්, ධනයෙන්, කාලයෙන් දායකත්වය ලබාදී දැනට විශ්‍රාම සුවයෙන් සිටින සාමාජිකයන් වෙත අවශ්‍ය අවස්ථාවන්හිදී උපකාර ලබාදීම.
සාමාජිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුහදතාවය වැඩි දියුණු කිරීම
#)සංගමයේ වර්තමාන සාමාජිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුහදතාවය ගොඩනැංවීමේ අරමුණින් සුහද හමුවන් සංවිධානය ආදි ක්‍රියාකාරකම් සංවිධානය.
#) ආගමික වැඩසටහන් සංවිධාන
#) සිoහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සැමරුම් උත්සව සංවිධානය
වර්තමාන කෘත්‍යාධිකාරි මණ්ඩලය
ගරු සභාපති
දුලංජන අතපත්තු
ගරු ලේකම්
මහේන්ද්‍ර මාපා රත්මලේ
ගරු භාණ්ඩාගාරික
ජානක පතිරාජ
වර්තමාන විදුහල්පති
W.M.C.K. මහමිතව
2023-10-11 දින සිට
සුභ සාධක සංගමයේ ක්‍රියාකාරීත්වය පිලිබඳව
ජේ.එච්.එම්.ඩබ්. රංජිත්
හිටපු විදුහල්පති
මෙහිදී මලියදේව විද්‍යාලයේ උන්නතිය වූ උදෙසා ආදි ශිෂ්‍ය සංගමය මගින් දක්වන දායකත්වය අතිමහත් බව ස්තුති පූර්වකව සිහිපත් කරන සිටිමි.
මලියදේව විද්‍යාලීය ආදි ශිෂ්‍යයන්ගේ සුභ සාධනය වෙනුවෙන් 1991 වසරේ ආරම්භ කරන ලද සුභ සාධක සංගමයේ 30 වන වර්ෂ පූර්ණය වෙනුවෙන් සුභ පැතුම් එක් කිරීම්ට ලැබීම වර්තමාන විදුහල්පති ලෙස මා ලැබුණු ගෞරවයක් ලෙස සලකමි.
විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපනික, ක්‍රීඩා, භෞතික සහ අනෙකුත් කාර්යයන් සඳහා පසුගිය වසර 30 පුරා දක්වන ලද මූල්‍යමය සහ ශ්‍රම දායකත්වය අගය කර සිටිමි. විද්‍යාලයේ අභිමානවත් මෙන්ම පෞරාණික ගොඩනැගිල්ල වන "මඩවල වලව්ව", විදුහල්පති ලෙස මාගේ ඉල්ලීම මත නිසි ක්‍රමවේදයක් යටතේ අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් ආදිශිෂ්‍ය සුබ සාධක සංගමයට මාගේ ස්තුතිය පළ කර සිටිමි.
විදුහල්පති
මලියදේව විද්‍යාලය
2021-08-20
සමන් ජයසිංහ මහතා ආදී ශිෂ්‍ය සංගමයේ නිලතල බොහොමයක් හොබවා ඇති අතර, පසු ගිය වර්ෂයේ සිටි ජ්‍යෙෂ්ඨ උපසභාපති වරායා ලෙස කටයුතු කර ඇත.
ආදී ශිෂ්‍ය සංගමයේ
හිටපු ගරු සභාපති
ලක්ෂ්මන් වෙඩරුව මහතා
ලක්ෂ්මන් වෙන්ඩරුව මහතා ආදී ශිෂ්‍ය සංගමයේ හිටපු කාර්යක්ෂම සභාපති වරයෙකු මෙන්ම සුභ සාධක සංගමයේ හිටපු අනුශාසක වරයෙකි.
ආදී ශිෂ්‍ය සංගමයේ හිටපු ගරු සභාපති (2019/2022)
විද්‍යාලයයේ සිසුන්ගේ අධ්‍යාපනික ,ක්‍රීඩා,භෞතික සහ අනෙකුත් කාර්යයන් සඳහා ආදි ශිෂ්‍ය සංගමය සමග සුභසාධක සංගමය පසුගිය වසර තිහ පුරා දක්වන ලද මූල්‍යමය සහ ශ්‍රම දායකත්වය අගය කර සිටිමි. එමෙන්ම සුභ සාධක සංගමය මගින්,ආදී ශිෂ්‍යයන් වෙනුවෙන් සිදුකළ කාර්යයන් සිහිපත් කර සිටිමි.
චන්දන ගුරුගේ - සභාපති
මලියදේව විද්‍යාලයය ආදී ශිෂ්‍ය සංගමය