1572875839774 1 1 ආයුබෝවන්
මලියදේව විද්‍යාලයීය
ආදි ශිෂ්‍ය

සුභ සාධක සංගමය
slider2

Welcome to

Maliyadeva college

Old Boy's

Welfare Society

ආයුබෝවන්
මලියදේව විද්‍යාලයිය ආදී ශිෂ්‍ය
සුභසාධක සංගමය

ආදී සිසුන් ලෙස,ආදි ශිෂ්‍ය සංගමය හරහා,
විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට අවශ්‍ය අධ්‍යාපනික/විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමට මෙන්ම, විද්‍යාලය තුල පවතින භෞතික සම්පත් වල ගුණාත්මක භාවය ඉහළ නැංවීමට මහගු කාර්ය භාරයක් සිදු කරනු ලබයි.
එසේ තම ශ්‍රමය , ධනය වැය කරන ආදි සිසුන් ගේ හා ඔවුන්ගේ පවුල්වල සුභසාධනය පෙරදැරිකරගෙන, 

1991 වර්ෂයේදී සුභ සාධක සංගමය පිහිටුවා ඇත.
ආදී ශිෂ්‍ය සංගමයට පසු වැඩිම සමාජිකයින් පිරිසක් සුභ සාධක සංගමය සමග එක්ව සිටි.
සුභ සාධක සංගමය ස්වාධීන ව්‍යවස්ථාවක් මත ආරම්භ කර ඇත.

Photo

විද්‍යා භූෂණං පුරුෂ භූෂණම්

විද්‍යාව මිනිසාගේ ආභරණය වේ

विद्या भूषणं पुरुष भूषणम्;

Science is the jewel of man

සුභ සාධක සංගමයේ අරමුණ

Week22 FamilyMemberSupports

සාමාජිකයන් වෙනුවෙන්

සාමාජිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුභසාධනය

culture

සම්ප්‍රදායන්
(ආදී ශිෂ්‍ය සංගමය වෙත)

ආදි සිසු සංගමය මගින් වර්ෂය පුරා විද්‍යාලය වෙත සිදුකරන ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වයන් හා මුල්‍යාධාර ලබා දීම.

6371963650062478521571940616424

විද්‍යාලය වෙනුවෙන්

වර්තමානයේ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ හා ගුරුවරුන්ගේ අධ්‍යාපන ,බාහිර හා භෞතික ක්‍රියාකාරකම් සඳහා මූල්‍යම හා ශ්‍රම දායකත්වය ලබාදීම

who we work with

සමාජිය වගකීම්

දිවයිනේ කීර්තිමත් බෞද්ධ පාසලක ඉගෙනුම ලැබූ ආදි සිසුන් ලෙස , ලාංකීය ජන සමාජය වෙත සිදු කළ යුතු වගකීම් ඉටු කරලීමට, අවශ්‍ය සෑම විටම මූල්‍යමය හා ශ්‍රම දායකත්වය ලබාදීම.

FB_IMG_1577078502442-1

සමාජිකයින් වෙනුවෙන් සංගමයේ පරමාර්ථ

පාරිතෝෂික ගෙවීම්

#) සාමාජිකයාගේ හෝ ඔහුගේගේ පවුලේ අවමංගල අවස්ථාවකදී, පාරිතෝෂික දීමනාවක් ලබාදීම (ව්‍යවස්ථාවෙ පරිදි)
#) සාමාජිකයන්ගේ අසාධ්‍ය රෝග අවස්ථාවන්හිදී අවශ්‍ය ආධාර ලබාදීම (ව්‍යවස්ථාවෙ පරිදි)
#) සංගමයේ උන්නතිය සඳහා ඔවුන්ගේ ශ්‍රමයෙන්, ධනයෙන්, කාලයෙන් දායකත්වය ලබාදී දැනට විශ්‍රාම සුවයෙන් සිටින සාමාජිකයන් වෙත අවශ්‍ය අවස්ථාවන්හිදී උපකාර ලබාදීම.

සාමාජිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුහදතාවය වැඩි දියුණු කිරීම

#)සංගමයේ වර්තමාන සාමාජිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුහදතාවය ගොඩනැංවීමේ අරමුණින් සුහද හමුවන් සංවිධානය ආදි ක්‍රියාකාරකම් සංවිධානය.
#) ආගමික වැඩසටහන් සංවිධාන
#) සිoහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සැමරුම් උත්සව සංවිධානය

වර්තමාන කෘත්‍යාධිකාරි මණ්ඩලය

1 2

ගරු සභාපති
ජානක පතිරාජ

2 2

ගරු ලේකම්
අසංක වික්‍රමරත්න

3 2

ගරු භාණ්ඩාගාරික
දුලංජන අතපත්තු

සුභ සාධක සංගමයේ ක්‍රියාකාරීත්වය පිලිබඳව

FB IMG 1629401757976
මලියදේව විද්‍යාලය වයඹ පළාතේ මෙන්ම සමස්ථ දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ පාසලක් ලෙස වසර 130 ට වැඩි ඉතිහාසයකට උරුමකම් කියනු ලැබේ.

මෙහිදී මලියදේව විද්‍යාලයේ උන්නතිය වූ උදෙසා ආදි ශිෂ්‍ය සංගමය මගින් දක්වන දායකත්වය අතිමහත් බව ස්තුති පූර්වකව සිහිපත් කරන සිටිමි.

මලියදේව විද්‍යාලීය ආදි ශිෂ්‍යයන්ගේ සුභ සාධනය වෙනුවෙන් 1991 වසරේ ආරම්භ කරන ලද සුභ සාධක සංගමයේ 30 වන වර්ෂ පූර්ණය වෙනුවෙන් සුභ පැතුම් එක් කිරීම්ට ලැබීම වර්තමාන විදුහල්පති ලෙස මා ලැබුණු ගෞරවයක් ලෙස සලකමි.

විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපනික, ක්‍රීඩා, භෞතික සහ අනෙකුත් කාර්යයන් සඳහා පසුගිය වසර 30 පුරා දක්වන ලද මූල්‍යමය සහ ශ්‍රම දායකත්වය අගය කර සිටිමි. විද්‍යාලයේ අභිමානවත් මෙන්ම පෞරාණික ගොඩනැගිල්ල වන "මඩවල වලව්ව", විදුහල්පති ලෙස මාගේ ඉල්ලීම මත නිසි ක්‍රමවේදයක් යටතේ අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් ආදිශිෂ්‍ය සුබ සාධක සංගමයට මාගේ ස්තුතිය පළ කර සිටිමි.

විදුහල්පති
මලියදේව විද්‍යාලය

සුභ සාධක සංගමයේ ක්‍රියාකාරකම්

ලියාපදිංචි සමාජිකයින්
+
වස් සැමරුම (1991-2021)