SOUNDFEST

SoundFest යනු

මලියදේව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ අධ්‍යාපන , ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරකම් ඉහල මට්ටමක ගෙන ඒම සඳහා, මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය වර්ෂය පුරාම විශාල දායකත්වයක් (මුල්‍යමය හා ශ්‍රමය මගින් ) ලබා දීම සිදු කරයි. එම දායකත්වයන් සදහා අවශ්‍ය ප්‍රතිපාදන ඒක රැස් කිරීමේ අරමුණින් 2022 වර්ෂයේ සිදුකරන ප්‍රධානතම ව්‍යාප්තිය “SoundFest 2022”.“SoundFest” ප්‍රසංගයේ පලමු ටිකට්පත, ආදී ශිෂ්‍ය සංගමයේ ගරු සභාපති ලක්ෂමන් වෙන්ඩරුව මහතා වෙත අලෙවි කිරීම මුදල් අනුකමිටුවේ ගරු සභාපති සුගත් සේනානායක මහතා විසින් 12.11.2022 දින ආදී ශිෂ්‍ය සංගම් ශ්‍රවණාගාරයෙදී සිදු කරන ලදී.මෙම අවස්ථාව සඳහා ආදී ශිෂ්‍ය සංගමයේ ගරු ලේකම් තිසර පෙරේරා මහතා, ගරු භාණ්ඩාගාරික අසංක වික්‍රමරත්න මහතා, ගරු ජේෂ්ඨ උපසභාපති ශමින් ජයතුංග, සුභ සාධක සංගමයේ ගරු සභාපති (ආදී ශිෂ්‍ය සංගමයේ ගරු උප සභාපති) ජානක පතිරාජ මහතා , ආදී ශිෂ්‍ය සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක දුලංජන අතපත්තු මහතා ඇතුලු ආදී ශිෂ්‍ය සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින්ගෙ (ගරු අනුශාසක වරුන් සහ අනෙකුත් සභිකයින්ගෙ) සහ ආදී ශිෂ්‍යායන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී. මෙම ප්‍රසංගයේ කටයුතු සඳහා විද්‍යාලයේ විදුහල්පති තුමාගේ උපදෙස් හා මගපෙන්වීම නිබදව හිමි වේ.

Tickets available,
  • Maliyadeva OBA Office – Maliyadeva College (0372220185 / 0372225185)
  • Samudra Book Shop – Kurunegala
  • Samudra Super Market – Kurunegala Sarasavi Book Shop- Kurunegala
  • Protec Computers – New Shopping Complex
  • Online – Mytickets.lk
Inquiries – 070 7500500, 070 7500900, 037 2220185 / 037 2225185

Soundfest