ලේ දන්දීමෙ කදවුර 2022-12-10

WhatsApp Image 2022 11 21 at 11.12.59 AM

මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සුභ සාධක අනුකාරක සභාව සහ ආදි ශිෂ්‍ය සුභ සාධක සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලැබු ලේ දන්දීමේ වැඩසටහන 2022.12.10 වන දින අති සාර්ථක අයුරින් අවසන් විය (200 ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන්).
එහිදි ආදි ශිෂ්‍ය සංගමය මගින් ලේ බැංකුව වෙත ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රයක් ලබා දුන් අතර, මේ සදහා පූර්න අනුග්‍රහය 2001 කණ්ඩායම මගින් ලබා දෙන ලදී. එමෙන්ම ලේ බැංකුවේ ජංගම බස් රථය 1990 කණඩායම මගින් අලුත් වැඩියා කටයුතු සිදු කිරීමට නියමිතය.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට පුර්ණ සහයෝග ලබා දුන් ආදී ශිෂ්‍ය සංගමයේ ගරු සභාපති ලක්ෂ්මන් වේඩරුව , ගරු සම ලේකම්වරු වෛද්‍ය තිසර පෙරේරා හා සරත් රත්නායක මහතා , ගරු භාණ්ඩාගාරික අසංක වික්‍රමරත්න මහතාටත්, ගරු ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ අනෙකුත් සියලුම උප සභාපති වරුන් හා නන් අයුරින් සහයෝගය ලබා දුන් සියලුම ආදී සහෝදරයින්ට හා අනෙකුත් සියලුම දෙනා වෙත හෘදයංගම ස්තූතිය පුද කරමු.

ආගමික වතාවන් සඳහා වැඩමවාවදාල කුරුණෑගල ශ්‍රි අංගීරස බෞද්ධ මධ්‍යස්ථානාධිපති පුජ්‍ය රුවන්ගල යසස්සී ස්වාමීන්වහන්සේට නමස්කාර පූර්වක ස්තූතිය.එමෙන්ම මලියදේව විද්‍යාලයීය ගරු විදුහල්පතිතුමන්,ආදි මලිදෙව් පුතුන් වන යුධ ලේකම් මේජර් ජනරාල් ස්වර්ණ බෝතොට.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානි මේජර් ජනරාල් රෝහිත අලුවිහාරේ. මේජර් පරාක්‍රම රත්නායක මහතා.,මංජුල වන්නිනායක ,ධනංජය මැදගොඩ, තොරතුරු තාක්ෂණ සම්බන්ධීකාරක දිමුත් දුණුසිංහ මහත්වරුන්ට , මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට උපරිම දායකත්වයක් ලබා දීම වෙනුවෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙමු

Leave a Comment

Your email address will not be published. Required fields are marked *