ලේ දන්දීමේ කඳවුර

කුරුණෑගල මහ රෝහලට දෛනිකව අවශ්‍ය ලේ ,
වර්තමාන Covid-19 වසංගත රෝග තත්ත්වය මත, ලේ හිගයක් ඇතිව ඇත (ලේ දන්දීම අඩු විම මත)
එවන් මොහොතක සැම විටම පෙරමුණ ගන්නා “මලියදේව පුතුන් වන අප විසින්”
ලේ දන්දීමේ වැඩසටහනක්
මාර්තු මස 06 වන ඉරුදින ,
කුරුණෑගල ශික්ෂණ රෝහලේ, ලේ බැංකුව පරිශ්‍රයේදී සිදු කරන ලදී.

එම කටයුත්ත සංවිධානය සඳහා කටයුතු කල , අරවින්ද කරුණාරත්න මහතා(සුභ සාධක සංගමයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සභික) ප්‍රමුඛ ගරු සභාපති ජානක පතිරාජ මහතා /
ගරු ලේකම් අසංක වික්‍රමරත්න මහතා /
ගරු භාණ්ඩාගාරික දුලංජන අතපත්තු මහතා/
ගරු අභ්‍යන්තර විගණක තිසර දිසානායක මහතා
ඇතුළු සියලු කෘත්‍යාධිකාරි මණ්ඩලය සාමාජිකයන් මෙන්ම ,
මෙවැනි වැඩ සටහන් සදහා නිරතුරුවම අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම සිදු කරන
චන්දන ගුරුගේ මහතා ප්‍රමුඛ අනුශාසක වරුන් ඇතුළු දායකත්වය දැක්වූ (සහාභාගත්වයෙන් හා නන් අයුරින්) සියලු දෙනා සිහිපත් කර සිටිමි.

එමෙන්ම එදින පැමිණි සියලු දෙනා වෙත , දැක්වු දායකත්වය වෙනුවෙන් , යම් තිළිණයක් ලබා දිමට සුභ සාධක සංගමයේ සාමාජිකයින් කටයුතු යොදා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *