වරප්රසාද හා මුදල් තිබූ අයට ගාස්තු ගෙවා අධ්යාපනය ලබාදුන් පාසල් යන ගාස්තු ගෙවීමට අපහසු දුප්පතුන් සඳහා සිංහල හා දෙමළ ද්විභාෂා පාසල් ලෙස වර්ග 2 ක් විය. මෙම පාසල් වර්ග 2 අතර විශාල පරතරයක් වූ අතර සමාජය පංති දෙකකට බෙදී ගොස් තිබුණි.
එදා ලංකාවේ තිබූ පාසල් සංඛ්යාව 4023 කි. ඉන් සියයට 7 ක් ඉංග්රීසි පාසල්ය. අධ්යාපනය සඳහා රජය වියදම් කළ මුදලින් එදා සියයට 45 ක් පමණ වෙන්කර තිබුනේ මේ ඉංග්රීසි පාසල් වලටය. ඉතිරි සියයට 93 ක් පමණ වූ පොදු පාසල් සඳහා වෙන්කර තිබුනේ සියයට 55 කටත් අඩු මුදලකි.
නිදහස් අධ්යාපනයේ පියා මුලින්ම වෙනස් කළේ මෙම ක්රමයයි. පොදු පාසල් වලද ඉංග්රීසි, වීජ ගණිතය, ජ්යොමිතිය, අංක ගණිතය, ජීව විද්යාව, රසායන විද්යාව, භෞතික විද්යාව ආදී විෂයයන්ද ඉගැන්වීම ආරම්භ කළේය. මධ්ය මහා විද්යාල රට පුරා ඇරඹුවේය.
1941 මධ්ය මහා විද්යාල 3 ක්ද
ශිෂ්යත්ව ක්රමය හඳුන්වා දුන්නේය. *මුල්ම මධ්යම මහා විද්යාලය ඇරඹුවේ තම ගමේවත්, තමාගේ ආසනේවත් නොව මාතලේ අකුරම්බොඩය.*
භික්ෂූන් වහන්සේලා උදෙසා පිරිවෙන් ආරම්භ කිරීම ඔහු ඉටුකළ ඉමහත් ශාසනික මෙහෙවරකි. අධ්යාපන පනත ඉදිරිපත් කරමින් ඔහු රාජ්ය මන්ත්රණ සභාවේදී පැවැත්වූ කතාවෙහි කොටසක් මෙසේය.
*“සාධාරණත්වය කල් දැමීම වූ කලී සාධාරණත්වය නොලැබීයාමකි. මේ රටේ ගම්බද ප්රදේශවල වෙසෙන පොදු ජනතාවට සාධාරණත්වය ඉටුකළ යුතු කාලය දැන් එළඹ ඇත.”*
එතුමා
නව අධ්යාපන පනත ඉදිරිපත් කරමින් ඔහු පැවැත්වූ *පැය හය හමාරක කතාව* සම්පූර්ණයෙන්ම අසාගෙන සිටියේ ඩී.ඇස්. සේනානායක, එච්. ඩබ්ලිව්. අමරසූරිය, ඩඞ්ලි සේනානායක, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, දොස්තර ඇස්. ඒ. වික්රමසිංහ ආදීන්ය. ඔවුන් සියල්ලෝම ඉමහත් සතුටින් එයට එකඟත්වය පළ කළහ. ඊ. ඩබ්ලිව්. අධිකාරම්, මහාචාර්ය ජී. පී. මලලසේකර, එල්. එච්. මෙත්තානන්ද ආදී වියතුන් ඔහුට පිට සිට පූර්ණ සහාය ලබාදුන්හ. ඉහතින් සඳහන් කළ නම් ලැයිස්තුවට කිට්ටු කරන්නවත් සුදුසු පුද්ගලයින් අද දේශපාලනයේ හෝ වෙනත් උසස් තැන්වල සිටිනවාද?
මේ අධ්යාපනඥයා, දේශපාලකයා, සරල මිනිසා බල තන්හාවෙන් ක්රියා කළේ නැත. මුදල් පසුපස හඹා ගියේ නැත. ගිරිය පුප්පාගෙන කෑගැසුවේ නැත. කොමිස් ගැහුවේ නැත. ප්රසිද්ධිය පස්සේ එලවා ගෙන ගියේ නැත. මහජන මුදල් අවභාවිතා කළේ නැත. මුළු පවුල සමගම ලොව පුරා මහජන මුදලින් රවුම් ගැසුවේ නැත.
1936 දී ඔහු මුල්වරට වැඩි ඡන්ද 4459 කින් මතුගම ආසනය ජය ගත්තේය. *1947 දී ලංකාවේ පොදු මහජනතාව ඔහු මතුගම ආසනයෙන් පරාජයට පත්කොට ගෙදර යැවූහ* . ජනතාව ඔහු වසර 40 ක් තිස්සේ රටට සිදුකළ උදාර සේවයට කෘතවේදීත්වය පළකළේ එසේය. ඉටුකළ ජනතා සේවයට ඔහුට උපහාර පිරිනැමුවේ එහෙමය. තමා ගෙදර යවා කෘතගුණ සැලකූ ජනතාවට ඔහු වෛර කළේ නැත. ලංකාවේ හැටි මෙහෙමය.
මේ කතාවේ තවත් සුළු කොටසක් තිබේ.
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, ඩඞ්ලි සේනානායක දෙවැනි වරට අගමැති වූ විට පිහිටවූ කැබිනට් මණ්ඩලයේ සහ කොතලාවල අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයේද සිටියේය. *එහෙත් ඒ දෙවාරයේදීම ඔහුට යළිත් අධ්යාපන ඇමතිකම ලැබුණේ නැත.* ඔහුට ලැබුණේ පළාත් පාලන ඇමති තනතුරය. ලංකාවේ අධ්යාපනය උදෙසා කළ අනුපමේය මෙහෙය උදෙසා බලයට පත්වූ දේශපාලකයින්ද ඔහුට කෘතගුණ සැලකුවේ උපහාර පිරිනැමුවේ එහෙමය.
1963 දී 79 වියේ පසුවූ ඔහු රෝගාතුරව කොළඹ මහ රෝහලේ ඇඳක් මත සිටියදී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ගෙනා යෝජනාවක් මගින් ඔහුට රුපියල් දහදාහක ආධාර මුදලක් ලබාදෙන ලදී. ඉන් වසර 2 කට පසු එනම් 1965 නොවැම්බර් 5 වැනිදා පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාවක් මගින් මේ ජනතා පුත්රයාට රුපියල් 500 ක මාසික දීමනාවක් ලබාදුන්නේය. මෙහිදී විශේෂ යමක් සඳහන් කළ යුතුමය.
කන්නන්ගර මැතිඳුන්ට මාසික දීමනාවක් ගෙන ඒමට පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවේදී ඔහු වෙනුවෙන් ගුණකථනයක් පවත්වමින්, සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව, ලංකාවේ අධ්යාපනය උදෙසා කල සේවයට කෘතගුණ දක්වමින් කතාවක් පැවැත්වූයේ *පදිරිප්පුවේ දමිළ මන්ත්රී එස්. ඇම්. රාසමානික්කම් පමණකි.*
1969 සැප්තැම්බර් 23 වැනිදා හරිහම්බ කල දෙයක් නැතිව, අතේ සතයක් නැතිව 85 හැවිරිදි වියේ පසුවූ ඔහු රජයේ රෝහලේ ඇඳක් මත අවසන් හුස්ම හෙළුවේය.