සුභ සාධක සංගමයට වසර 30ක් සුපිරිම නිමිතිකොට ගෙන (1991 – 2021)

සුභ සාධක සංගමය වෙනුවෙන් සිය ශ්‍රමය/ධනය/කාලය කැපකොට දැනට අප අතරින් වෙන්වූ සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළුව මලියදේව විද්‍යාලයේ ආදි කර්තෘන් හා විද්‍යාලයට සම්බන්ධ සිට තම ජිවන ගමන් අවසන් කල සියලු දෙනා වෙනුවෙන්, සුමදුර ධර්ම දේශනාවක් (විද්‍යාලයේ ගරු ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්) දෙසැම්බර් 18 සවස පවත්වා,(පහන් පිංකමක්ද සමග), දෙසැම්බර් 19 වන ඉරිදා හීල් දානය, විද්‍යාලයේ ගරු ස්වාමින් වහන්සේගේ වැඩ වසන ” කනොටුව” විහාරය වෙත පිළිගන්වන ලදී. අවසානයේ මියගිය සියලු දෙනා වෙනුවෙන් “පැන් වැඩීම” සිදු කර පිං පමුණවන ලදී.මේ සඳහා සත් ක්‍රියාව සඳහා නිබඳව පෙරමුණ ගෙන කටයුතු කළ සංගමයේ ගරු සභාපති ජානක පතිරාජ, ගරු ලේකම් අසංක වික්‍රමරත්න, ගරු භාණ්ඩාගාරික දුලංජන අතපත්තු, හිටපු සභාපති ජයසිරි සේනානායක මෙන්ම සංගමයේ වර්තමාන ගරු අනුශාසක මණ්ඩලය, තිසර දිසානායක හා කෙමරත්න මහතුන් ප්‍රමුඛ වර්තමාන නිලධාරීන් ගෞරවයෙන් සිහිපත් කර සිටිමි. එමෙන්ම නිබඳව සුභ සාධක සංගමය සමග කටයුතු කරන ආදී ශිෂ්‍ය සංගමයේ ගරු සභාපති චන්දන ගුරුගේ මහතා ප්‍රමුඛ කෘත්‍යාධිකාරි මණ්ඩලයට මෙන්ම විද්‍යාලය ගරු විදුහල්පති තුමා සමග නන් අයුරින් සහය ලබා දුන් සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කර සිටිමි.(පවතින වසන්ගත රෝග තත්වයන් හමුවේ, පුද්ගල සහභාගිත්ව සිමා කිරිමට සිදු වූ බව කාරුණිකව දන්වා සිටිමි)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *