ආරම්භය

19 වන සියවසේ යටත් විජිත සමයේදී අධිරාජ්‍යවාදී කෙනෙහිලිකම් මධ්‍යයේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා, කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ඇතුළු ජාතිහිතෛෂී යුග පුරුෂයන්ගේ මූලිකත්වයෙන් බලගැන්වුණු හෙළ බෞද්ධ පුනරුදයේ අග්‍රගණ්‍ය ප්‍රතිඵලයක් ලෙස, හස්තිශෛලපුර මහා ප්‍රදීපස්ථම්භය වූ මලියදෙව විද්‍යාලය 1888 සැප්තැම්බර් 30 වන දින ඇතුගල්පුර බෝධිරාජ මාවතේදී ස්ථාපනය විය.

එදා සිට අද දක්වා වසර 138ක් පුරාවට, ලක්දිව ලිඛිත අවසන් අරිහතුන් වහන්සේ ලෙස සැලකෙන මලියදෙව මහ රහතන් වහන්සේගේ නාමයෙන් නම් ලද මෙම පුණ්‍ය භූමිය,
දැනුමෙන්, විනයෙන්, සාරධර්මවලින් හා විශිෂ්ටත්වයෙන් පිරිපුන් පරපුරක් ජාතියට දායාද කරමින්,
අධ්‍යාපන සහ සියලු ක්ෂේත්‍රයන්හි අභිමානවත් සලකුණක් ලෙස වර්තමානය දක්වාම සිය ගමන් මඟ අඛණ්ඩව ඉදිරියට ගෙන යයි.