කර්නල් ඒ.එම්. තිලකරත්න අධිකාරි

මලියදේව විද්‍යාලයේ ගුරුවරයකු ලෙසත්, අංශ ප්‍රධානියෙකු ලෙසත් ආදර්ශමත් ගතිගුණ වලින් හෙබි ගුරුභවතෙක් හා යුධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරි ඒ.එම්.තිලකරත්න අධිකාරි මහතා
(1943.02.01 – 2026.03.29) 1943 පෙබරවාරි 01 දින උපත ලදී.

එදා යුගයේ මලියදේව විද්‍යාලයේ පැවතියේ මලියදේවයටම අනන්‍යවූ උප සංස්කෘතියකි.
එය ඉංග්‍රීසි උසස් සමාජයේ හා සිංහල බෞද්ධ ඉහළ සමාජයේ උසස් ගුණාංගයන් ගෙන් පෝෂණයවී තිබුණි.
එදා අපේ පාසැල් යුගයේ, මලියදේවය රජයේ විද්‍යාලයක් වුවත්, වෙනත් රජයේ විද්‍යාලවල නොතිබූ අභිමානවත් පරිසරයක් හා ක්‍රියාකාරී ගුරු, ශිෂ්‍ය පිරිසක් මලියදේවය තුළ සැමවිටම විද්‍යාමාන වුණා.

එය අධ්‍යයන, විෂය සමගාමී හා විෂය බාහිර කටයුතු වල එකසේ පෙන්නුම් කරා. එහිදී තිලකරත්න මහතා වැනි ගුරුභවතුන් මලියදේවයට ආභරණයක් වූවාය.

එදා අපේ යුගයේ තිබූ ඇතැම් නීතිරීති වර්තමානයේ ඇතැමුන්ට ඇතැම්විට, හාස්‍යට කරුණක් විය හැක.
එහෙත් එදා මලියදේවයේ නීතිරීති පැවතිම හරහා ගුණ ගරුක හා විශිෂ්ට පුද්ගලයින් බිහි වූ බව නොරහසකි.

ඒ.එම්.තිලකරත්න මහතා මලියදේව විද්‍යාලයට විශිෂ්ට සේවයක් ඉටුකළ ආදර්ශමත් ගුරුභවතෙක් මෙන්ම අවශ්‍ය අවස්ථාවේ රට ජාතිය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ එඩිතර යුධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරියෙක්,

ශ්‍රී ලංකා ශිෂ්‍ය භට බලකායේ (ශ්‍රිලශිබ SLCC) නිලධාරියෙකු වශයෙන් ශිෂ්‍යභට බලකායට බැදී 1972.05.01 දින අධිකාරියට පත්වී පොල්ගහවෙල පරාක්‍රමබාහු මධ්‍ය විද්‍යාලයේ සහ මලියදේව විද්‍යාලයේ ශිෂ්‍යභට ඛණ්ඩභාර නිලධාරි වශයෙන්ද, 4 සහ 5 බලඇණිවල විධායක අධිකාරී වශයෙයන්ද කටයුතු කර, පසුව ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව වෙත අන්තර් ඒ්කක මාරුවීම් ලබා සේවය කිරීමෙන් 2003.02.01 දින විශ්‍රාම ලැබීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා කාලය තුල 5(සෙව්), ශ්‍රිලසිරෙ 2 වන අණදෙන නිලධාරි, 5(සෙව්) ශ්‍රිලපාහ අණදෙන නිලධාරී. අනුරාධපුර (නැගෙනහිර) කොට්ඨාශ අණදෙන නිලධාරි, ස්වේච්ජා සම්බන්ධීකරණ නිලධාරි – රෙමශ්‍රිලසිරෙ, සිවිල් සම්බන්ධීකර්ණ නිලධාරී 223 බසේමු – වැලිඔය වශයෙන් සේවය කර ඇත.

විශ්‍රාමික ලුති කර්නල් AM තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි 2026.03.29 දින නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේදි අභාවප්‍රප්ත විය.

තොරතුරු අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *