මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඉන්ද්‍රකීර්ති සිරිවීර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකි. (Emeritus Professor)

වර්ෂ 1942 අප්‍රේල් 2 වන දින උපන් ඉන්ද්‍රකීර්ති සිරිවීර පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය දිනාගන්නා ලද්දේ 1964 දී ය.
1964 සිට 1966 දක්වා සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස ද, 1970 සිට 1986 දක්වා කථිකාචාර්යෙකු ලෙස ද, 1976 සිට 1986 දක්වා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස ද, 1986 සිට 1992 දක්වා සහය මහාචාර්යවරයෙකු ලෙස ද, 1992 සිට 1997 දක්වා මහාචාර්යවරයෙකු ලෙස ද, 1997 සිට 2007 දක්වා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙසද එතුමා කටයුතු කර ඇත.

වර්ෂ 1966 සිට 1969 දක්වා පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු ලෙස ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යයන පීඨයේ පර්යේෂණයන්හි නිරත වූ ඉන්ද්‍රකීර්ති සිරිවීර 1970 දී ආචාර්ය උපාධිය ද (Ph.D. School of Oriental and African Studies, University of London) හිමිකර ගනී. 1982 සිට 1983 දක්වා Commonwealth Academic Fellow (School of Oriental and African Studies, University of London, UK) ලෙස ද කටයුතු කර ඇත. වර්ෂ 2004 දී වයඹ විශ්වවිද්‍යාලයෙන්
D.Sc. (Honoris Causa) උපාධියෙන් ද, වර්ෂ 2007 දී ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයෙන් D.Lit. (Honoris Causa) උපාධියෙන් ද, වර්ෂ 2024 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් Doctor of letters උපාධියෙන් ද එතුමා පිදුම් ලැබීය.

2017 වර්ෂයේ සිට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති (Administrative career 2007, Nation Education Commission) ලෙස ද, ඔහු විවිධ අවස්ථාවලදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති (1994-1995 Chairman, University Grants Commission, Sri Lanka) පදවිය ද, රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති පදවිය (1995 to 2002, Vice Chancellor, Rajarata University of Sri Lanka, Mihintale, Sri Lanka) හා Chairman, Committee of Vice-Chancellors and Directors, 2002) ලෙස
ද, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ (Bandaranayake Centre for International Studies) අධ්‍යක්ෂ පදවිය ද හෙබවීය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KotalawelaDefence University) බාහිර මහාචාර්යවරයෙකු (visiting Professor) ලෙස ද එතුමා සේවය කර ඇත.

මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීරයන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දැරූ වෙනත් තනතුරු රැසකි. එනම්,
Member of the Board of Management, Post-Graduate Institute of English, 2011 to date ; Member of the Council of Regents of the National Centre for Advanced Studies in Humanities and Social Sciences, 2005 to 2009; Member of the Council, Open University of Sri Lanka, 2006 to 2010; Member of the Council, Rajarata University, 2004 to 2006; Member of the Council, University of Peradeniya, 1994; Member of the Standing Committee on Social Sciences and Humanities, UGC, 2006 to 2010; Member of the Board of Editors, Sri Lanka Journal of Social Sciences and Humanities, University of Peradeniya, 1980-1988;
Editor, Student Welfare News, University of Peradeniya, 1988 ආදී වශයෙනි.

එමෙන් ම එතුමා විශ්වවිද්‍යාල නොවන ආයතනයන් හා සම්බන්ධ වෙමින් දැරූ තනතුරු ද හඳුනාගත හැකි ය. එනම්, Relief Program Organizer, BBC Eastern Service (Sandesaya), London, 1968-1969; Script Translator and Film Commentator, Central Office of Information, London, 1967-1969; Vice-President, American Studies Association of Sri Lanka, 1992/93; Member, National Education Commission, Sri Lanka, 1994-1995 ; Member of the Governing Board, Kotalawala Defence Academy, Sri Lanka 1994-1995 ; Member, Board of the Institute of Social Development, Sri Lanka, 1994-1995 ; Member, Human Resources Development Council, Sri Lanka, 1994-1995 ; President, Rajarata Professionals’ Association, 1996-1998 ; Chairman, Advisory Committee, National Library and Documentation Centre, Sri Lanka, 2000-2002 ; Senior Research Fellow, Sri Lanka Foundation Institute, 2004;
Academic and Research Consultant, Bandaranaike Centre for International Studies, 2004-2005 ; President, Sri Lanka Historical Association, 2004-2005 ; Member, Board of National Library and Documentation Centre, 2004-2005; Specialist Consultant, National Scieence Foundation, 2005-2006; Editorial Consultant, Hector Kobbekaduwa Agrarian Research and Training Institute, 2010-2013; Director,, Bandaranaike Centre for International Studies, 2012-2013 ආදී වශයෙනි. ජාත්‍යන්තර තනතුරු රැසක් ද දරමින් මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීරයන් සුවිශාල කාර්යභාරයක් ඉටුකර ඇත.එනම්, Member of the Presidium Committee on Development, Afro-Asian People’s Solidarity Organization, Cairo, 1982-1990 ; Member, Research Board of Directors, American Biographical Institute, 1999 ; Member of the Council of the Association of Commonwealth Universities, 2002 වශයෙනි.

සාමාන්‍ය පාඨකයන් අතරත්, පාඨශාලා ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරත්,ඉතිහාසය පිළිබඳව කරැණු සෙවීම ජනප්‍රිය කරවීමේ අරමුණ ද පෙරදැරි කොට ගෙන මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීරයන් රචනා කර ඇති කෘති සුවිශේෂී වැදගත්කමක් හිමිකර ගනී.
ග්‍රන්ථ 16 ක්, නිර්මාණාත්මක රචනා 5 ක්, පර්යේෂණ ලිපි 48 ක් හා පුවත්පත් ලිපි 38 ක් එතුමාගේ ලේඛන කලාව තුළ ඇතුළත් වේ.

ඉන්ද්‍රකීර්ති සිරිවීර විසින් රචිත ග්‍රන්ථ මෙසේ ය. මධ්‍යතන ලංකාව (1971); Water Resources and Buffalo and Cattle Rearing in Sri Lanka: An Historical Perspective, Agrarian Research and Training Institute, Occasional Publication No.31, Colombo 1983 ; Inland Fisheries in Sri Lanka, An Historical Perspective, Agrarian Research and Training Institute, Occasional Publication No.36, Colombo 1986; Utilization of Buffaloes in Sri Lankan Peasant Society, Mahaveli System C. SAREC-NARESA Research Project, (Joint Author, 1988; Agrarian History of Pre-Colonial Sri Lanka, 1993, Colombo, Reprinted 2004; ශ්‍රී ලාංකේය ඉතිහාස තරංග (2004) ; A Study of the Economic History of Pre-Colonial Sri Lanka, Delhi, 1995; Rajarata Civilization and the Kingdoms of the South West, Colombo, 2004; රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි, (2001); History of Sri Lanka from Earliest Times up to the Sixteenth Century, 2002 Reprinted 2005 ; Tradition and Livelihood, A Study of Traditional Practices and Technologies in Agriculture, Animal, Husbandry, Irrigation and Fisheries, National Science Foundation, Colombo, 2009; Heritage of Sri Lanka, Colombo, 2013; Facets of Social and Economic History of Sri Lanka, Colombo, 2014. State Literary Award; Warfare in Sri Lanka, Military History of the Island from earliest times upto Independence (co-author), Nugegoda, 2016; ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික තාක්ෂණය හා වෘත්තීය භාවිතය, (2017); ශ්‍රී ලංකාවේ ඵෙතිහාසික ස්ථාන, (2019); ශ්‍රී ලංකාවේ කෘෂි ඉතිහාසය (1993); විජිතපුර සිට නන්දිකඩාල් තෙක්: ශ්‍රී ලාංකේය සංග්‍රාම ඉතිහාසය (2020); කෙටිකතා ; ශාලාධිපති (1977),චිත්‍ර ශිල්පියා, සෞන්දර්යය හා ස්ත්‍රිය (1998), රාජ්‍ය සාහිත්‍ය සම්මාන, ( 2012); නවකතා
ඇතත් සිත ආසා (1977); ගඟ සහ සුරඟන (1999) යනාදිය යි.
මෙතුමා 2026 වර්ෂයේ මාර්තු මස 26 වැනි දින තම දිවි සැරිය අවසන් කරන ලදී.

තොරතුරු අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී

Leave a Comment

Your email address will not be published. Required fields are marked *